fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor මැයි 10, 2019 15:28

නව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව නීතිපති ලෙස දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (10) දිවුරුම් දුන්නා.

වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා නීතිපතිවරයා ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව පසුගියදා තීරණය කළා. ඒ අනුව ඒ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ නීතිපති ධූරයේ අද(10)  දිවුරුම් දුන්නා.

මේ අතර අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච් එම් ගාමිණී සෙනෙවිරත්න මහතා පත්කර තිබෙනවා. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස අශෝකා අලවත්ත මහත්මිය ද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.

 

ITN News Editor
By ITN News Editor මැයි 10, 2019 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්