fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විජයකලාට එරෙහි නඩුව ජුනි 28 වනදා යළි කැදවීමට නියෝග

ITN News Editor
By ITN News Editor මැයි 10, 2019 15:19

විජයකලාට එරෙහි නඩුව ජුනි 28 වනදා යළි කැදවීමට නියෝග

එල්ටීටීඊ සංවිධානය යළි පිහිටුවිය යුතු බව පවසන ලදැයි රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(10) විභාගයට ගැණුනා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සදහා නීතිපතිවරයාගේ  උපදෙස් මේ වන තෙක් ලැබී නොමැති බව  පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව නීති උපදෙස් ලබා දෙන ලෙස අධිකරණය නීතිපතිවරයාට සිහි කැදවීමක් නිකුත් කළා. අදාළ ප්‍රකාශයෙන් දණ්ඩනීති සංග්‍රහයේ වරදක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් විජයකලා මහේෂ්වරන් මහත්මිය මේ වන විට ඇපමත මුදා හැර තිබෙනවා.

නඩුව ජුනි මස 28 වනදා යළි කැදවීමටයි අධිකරණය නියෝග කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 10, 2019 15:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්