උතුරු කොරියාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගත් බව ඇමරිකාව ප්‍රකාශ කළා. ඒ ජාත්‍යන්තර සම්බාධක නොතකා යාත්‍රා කළ බවට චෝදනා කරමින්.
නෞකාව ගල්අඟුරු ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බවයි ඇමරිකා නිීතිපති දෙපාර්තමේන්තුව පවසන්නෙ. උතුරු කොරියාවේ ප්‍රධාන අපනයනය ගල් අඟුරු බවත් ඒ සදහා එක්සත් ජාතින්ගේ සංවිධානය සම්බාධක පනවා ඇති බවත් ඇමරිකාව පෙන්වා දෙනවා.
සම්බාධක උල්ලංඝනය කිරිම හේතුවෙන් ඇමරිකාව උතුරු කොරියා යාත්‍රාවක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.