fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත‍්‍රස්තවාදය තුරන් කිරීමට ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව යුරෝපා සංගමයත් කියයි

ITN News Editor
By ITN News Editor මැයි 10, 2019 09:10

ත‍්‍රස්තවාදය තුරන් කිරීමට ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව යුරෝපා සංගමයත් කියයි

ත‍්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ශ්‍රී‍්‍ර ලංකාවට ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බව යුරෝපා සංගමය ප‍්‍රකාශ කළා. ශ්‍රී‍්‍ර ලංකාව මේ වනවිට ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සිටින බවයි යුරෝපා සංගමයේ ශ්‍රී‍්‍ර ලංකා සහ මාලදිවයින් තානාපති ටුන්ලායි මර්ග් මහතා පෙන්වාදෙන්නේ.

ත‍්‍රස්තවාදී තර්ජනයට විසඳුම් සෙවීමේදී ශ්‍රී‍්‍ර ලංකාවට ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවත් ඔහු සඳහන් කළා. පසුගිය වසර 10 ක කාලය තුළ යුරෝපා සංගමය ශ්‍රී‍්‍ර ලංකාවේ සංවර්ධනය සහ මානුෂීය ආධාර වෙනුවෙන් යුරෝ මිලියන 760 කට අධික මුදලක් ලබාදී තිබෙනවා. ජී එස් පී ප්ලස් සහනය ලබාදීම තුළින් අපනයන ආදායම වැඩි කර ගැනීමට ද ශ්‍රී‍්‍ර ලංකාවට හැකිවූ බවයි යුරෝපා සංගම් තානාපතිවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 10, 2019 09:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්