fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජායි රිචර්ඩ්සන් වෙනුවට කේන් රිචස්ඩ්සන් ඕස්ට්‍රේලියා සංචිතයට

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 15:52

ජායි රිචර්ඩ්සන් වෙනුවට කේන් රිචස්ඩ්සන් ඕස්ට්‍රේලියා සංචිතයට

ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රිඩක ජායි රිචර්ඩ්සන්ට එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ උරහිසෙහි ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව ජායි රිචර්ඩ්සන් වෙනුවට කේන් රිචස්ඩ්සන් ලෝක කුසලානය සදහා වන ඕස්ට්‍රේලියා සංචිතයට නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කර තිබෙන්නේ.

මෙම අබාධයට ජායි රිචර්ඩ්සන් ලක් වුණේ පසුගිය  මාර්තු මාසයේ පැවති පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේදීයි. කෙසේ වෙතත් මෙතෙක් එම ආබාධ තත්ත්වය සම්පුර්ණයෙන්ම සුවය නොලැබිම නිසා ලෝක කුසලාන තරගාවලියෙන් ඔහුට ඉවත් විමට සිදුව ඇති බව සදහන්.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 15:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්