දකුණු කොරියාව උතුරු කොරියාවට යළිත් චෝදනාවක් එල්ල කර තිබෙනවා. ඒ පසුගිය සතියක කාලයේදී උතුරු කොරියාව හදුනානොගත් මිසයිල කිහිපයක් අත්හදාබැලූ බව පවසමින්.
එරට නැගෙනහිර පළාතේ සිට කෙටිදුර මිසයිල කිහිපයක් ද අත්හදා බැලූ බවයි දකුණු කොරියාව පවසන්නේ.
චෝදනාව සම්බන්ධයෙන් උතුරු කොරියා නායකයා මෙතෙක් ප්රතිචාරයක් දක්වා නැහැ.