ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ආසන්නයේ පිහිටි නිවසකින් තුවක්කු දහසකට අධික සංඛ්‍යාවක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
ලොස් ඇන්ජලීස් පොලීසිය, පුපුරණ ද්‍රව්‍ය අංශ ඇතුළු අංශ කිහිපයක් මෙම මෙහෙයුම සදහා එක් වුණා. ඔවුන්ට ලැබුණු ඔත්තුවකට අනුවයි මෙම නිවස වටලා තිබෙන්නේ. එක් සැකකරුවකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධව වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කර නැහැ.