fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දින තුනක් තුළ අම්පාරට රුපියල් මිලියන 50 ක ව්‍යාපෘති

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 12:09

දින තුනක් තුළ අම්පාරට රුපියල් මිලියන 50 ක ව්‍යාපෘති

රට වෙනුවෙන් එකට සිටිමු අම්පාර දිස්ත්‍රික් ජාතික සංවර්ධන වැඩසටහනේ පළමු දින තුන තුළ රුපියල් මිලියන 46 කට අධික ව්‍යාපෘති 1512 ක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩසටහන සිව්වැනි දිනටත් අද ක්‍රියාත්මකයි.

ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලට ක්‍රියාත්මක කරන රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන තුළින් ඊයේ දිනය වන විට පවුල් දෙලක්ෂ තිස් තුන්දහස් හයසිය අසූ හයකට ප්‍රතිලාභ හිමි කර  දී තිබෙනවා. මෙම වැඩසටහන් සදහා දායකත්වය දක්වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ,නැගෙනහිර පළාත් සභාව හා මධ්‍යම  රජයයි. අම්පාර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරනය වන පරිදි  ජනාධිපති ලේකම්කාර්යාලය වැඩසටහන් 338 ක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. අද  දිනයේත් තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ග්‍රාම ශක්ති වැඩසටහන ඇතුළු තවත් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නැංවුණා. නිවාස 30 ක් ජනතා අයිතියට පත් කිරීම ඒ අතර විශේෂයි. ප්‍රදේශයේ ජනතාවට බලපාන මෙතෙක් නොවිසදුනු ඉඩම් ගැටුළු වගා කටයුතු හා ධීවර කර්මාන්තය සදහා අවශ්‍ය උපකරණ හා උපදේශන ලබාදීම ඊයේ දිනයේත් ක්‍රියාවට නැංවුණා. රැකියා හා වෘත්තීය අවශ්‍යතාවන්ට මග පෙන්වීම, හැදුනුම්පත් උප්පැන්න ඇතුළු අනෙකුත් මහජන ගැටළු විසදීම ද මෙම සේවා මගින් සිදු කෙරෙනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්