බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරියගේ කුළුදුල් දරුවා ඊයේ ප්‍රථම වරට මාධ්‍යයට ඉදිරිපත් කළා.
එම පුත් කුමරු ආර්චී හැරිසන් මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙසයි නම් තබා තිබෙන්නේ. සිය විවාහයේ සිටම රාජකීය සාම්ප්‍රදායන් බිද දමමින් කටයුතු කළ හැරී කුමරු දරුවාගේ නම යෙදීමේදී ද එවැන්නක් සිදුකර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. වින්ඩ්සර් මාළිගයේදී දෙවන එලිසබෙත් රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයා මුනුබුරා දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඉදිරිපත් කළා. ඉන් පසුව විශේෂ ඉන්ස්ටර්ග්‍රෑම් පණිවුඩයක් ඔස්සේ නම ඉදිරිපත් කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/05/0.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/05/00.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/05/000.jpg”]