fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්ලි කැපිටල්ස් IPL දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 09:15

දිල්ලි කැපිටල්ස් IPL දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි

ඉන්දීය ප්‍රිම්යර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමින්.

විශාඛාපට්නම් හි පැවති තරගයේ කාසියේ වාසියදිනා පළමුව පන්දු රැකී මට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08  දැවී ලකුණු 162 ක් ලබා ගත්තා. ඉනිමේ කිසිදු පිතිකරුවකුට ලකුණු 36 සීමාව පසු කිරීමට හැකි වුණේ නැහැ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම  පන්දුවාර 19 පන්දු 05 ක් අවසනායේ කඩුළු 08 ක් දැවී ලකුණු 165 ක් ලබා ගනිමින් තරගය ජයගත්තා. වේවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 49ක්  ලබාගත් රිෂාප් පාන්ට් තරගයේ වීරයා සම්මානය ද දිනාගත්තා.

මේ අනුව ඉන්දීය ප්‍රිම්යර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය චෙන්නායි සුපර් කින්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 09:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්