ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නව සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා.
ඇමෙරිකාව සහ ඉරානය අතර ගොඩනැගෙමින් පැවති සබදතා මේ වනවිට බිද වැටෙමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉරානය අපනයනය කරන වානේ අංශයේ ද්‍රව්‍ය සදහා මෙම සම්බාධක පැනවෙනු ඇති. න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින ගිවිසුමේ ඇතැම් කොන්දේසි ඉරානය කඩ කිරීම හේතුවෙන් මෙලෙස නව සම්බාධක පැනවීමට කටයුතු කළ බවයි ධවල මන්දිරය සදහන් කරන්නේ.