fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චිත්‍රපට සංස්ථාව මගින් සිනමා ශාලාවලට මත්පැන් අලෙවි බලපත්‍ර ලබාදීම අත්හිටුවේ

ITN News Editor
By ITN News Editor මැයි 8, 2019 11:47

චිත්‍රපට සංස්ථාව මගින් සිනමා ශාලාවලට මත්පැන් අලෙවි බලපත්‍ර ලබාදීම අත්හිටුවේ

ජාතික චිත්‍රපට සංස්ථාව මගින් සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සදහා නිර්දේශ ලිපි නිකුත්කිරීම අත්හිටුවීමට රජය තීරණය කළා.

සිනමා ශාලා තුළ මත්පැන් අලෙවිසැල් ස්ථාපනය මගින් ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැංවීම අපේක්ෂා කළ ද මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන් හේතුවෙන් අනෙකුත් ප්‍රේක්ෂකයන් අපහසුතාවට ලක්වීම ඊට හේතුවයි.

මේ අතර එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිනමා ශාලා සංවර්ධනය සදහා මූල්‍ය ණය පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතියකට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.

 

ITN News Editor
By ITN News Editor මැයි 8, 2019 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo