fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලීසියට අල්ලස් දෙන්න හැදූ ජාතික තවුහිද් ජමාද් සැකකරුට වැඩ වරදී

ITN News Editor
By ITN News Editor මැයි 8, 2019 10:17

පොලීසියට අල්ලස් දෙන්න හැදූ ජාතික තවුහිද් ජමාද් සැකකරුට වැඩ වරදී

තව්හිද් ජමාත් සංවිධානයේ සැකකරුවෙකුට ඇප ලබා ගැනීම සදහා හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද(08) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු වන සහරාන් හෂීම් සමග සමීප සබදතා පැවැත්වූ අබ්දුල් මලික් මොහොමඩ් නියාස් නමැති සැකකරු අත්අඩංගුවට පත් වූයේ පසුගිය 28 වනදායි. ඔහු ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. 14 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී මෙම සැකකරුට ඇප ලබා ගැනීම සදහා පොලීසියේ සහාය ලබාදෙන ලෙස ඉල්ලා හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 5 ක අල්ලසක් ලබා දීමට පුද්ගලයෙකු උත්සාහ කර තිබෙනවා.

ඒ අනුව පොලීසිය අල්ලස් කොමිසමට ඒ බව දැනුම් දීමට කටයුතු කළා. අදාළ ලක්ෂ පහෙන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ස්ථානාධිපතිවරයාට ලබාදෙන අවස්ථාවේ අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකයේ නිලධාරින් මගින් සැකකරු අත්අඩංගුවට ගැනුණා. මෙම සැකකරු හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සිශාන් නැමැත්තෙක්.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 8, 2019 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්