ඉන්දීය ප්රිමියලීග් ක්රිකට් තරගාවලියේ පස්වන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ පළමු අවසන් පූර්ව තරගයේදී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පරාජය කරමින්.
චෙන්නායිහි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට චෙන්නායි කණ්ඩායම තීරණය කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 131 ක් ලබාගත්තා. පිළිතුරු ඉණිම ක්රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 132 ක් ලබා ගනිමින් තරගය පහසුවෙන් ජය ගත්තා. සුරේන් කුමාර් යාදෙව් නොදැවී ලකුණු 71 ක් ඉණිමට එක්කළා. මේ අනුව තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවුණා. අවස්ථා තුනකදී ඉන්දීය ප්රිමියලීග් ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව සිටිනවා.