1990 සුවසැරිය ගිලන්රථ සේවය සදහා ජංගම දුරකතන යෙදවුමක් හදුන්වාදීම රාජගිරිය සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී අද (08) සිදුකෙරෙනවා.
සුවසැරිය ගිලන්රථ සේවය මගින් සිදු කරන සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් යුතුවයි මෙම ජංගම දුරකතන යෙදවුම හදුන්වා දෙන්නේ. 1990 සුවසැරිය ගිලන් රථ සේවයෙන් ජනතාවට ලබා දෙන සේවාව මේ හරහා තවදුරටත් පුළුල් වනු ඇති.
ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස 2016 වසරේදී බස්නාහිර හා දකුණ පළාත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ සුවසැරිය ගිලන්රථ සේවාව මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මකයි. එමගින් ආරක්ෂා කළ ජීවිත සංඛ්‍යාව දහස් ගණනක්.