fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම

ITN News Editor
By ITN News Editor මැයි 7, 2019 15:20

ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින හොදම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින 23 කින් එංගලන්තයේදී ආරම්භ වනවා. ඊට එක්ව සිටිය ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් වැඩිම පිතිකරු වන්නේ ඇන්ජලෝ මැතිව්ස්. 2008 වසරේදී එක්දින වරම් දිනා ගත් ඔහු එක්දින තරග 203 කට ක්‍රීඩා කර ලකුණු 5386 ක් රැස්කරගෙන සිටිනවා. ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලාබාලතම ටෙස්ට් ක්‍රිකට් නායකයා වන මැතිව්ස් අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 7, 2019 15:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්