හෙට පෙරවරු 8 සිට රාත්රී 8.30 දක්වා පැය දොළහ හමාරක කාලයක් ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්රාගාරයට සපයන විදුලිය අත්හිටුවීම ජල සැපයුම නතර කිරීමට හේතුවයි. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්රදේශයන්හි ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.