පාස්කු ඉරිදා ප්රහාරයෙන් පසු රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු විවාදයක් අද සහ හෙට පැවැත්වෙනවා.
ජාතික ආරක්ෂාව, ජන ජීවිතය, රටේ ආර්ථිකය ඇතුළු කාලීන කරුණු රැසක් සම්බන්ධයෙනුයි මෙම විශේෂ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන්නේ. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව පැවැත්වෙන මෙම විවාදය කල් තැබීමේ විවාදයක් ලෙස පැවැත්වෙනු ඇති. එය අදත් හෙටත් පස්වරු එකේ සිට පස්වරු හය දක්වා පැවැත්විමට නියමිතයි.