fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හතළිස් එකකට මරු කැද වූ රුසියා ගුවන් අනතුරට හේතුව අකුණක්

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 19:13

හතළිස් එකකට මරු කැද වූ රුසියා ගුවන් අනතුරට හේතුව අකුණක්

හතලිස් එක් දෙනෙකුට මරු කැඳවමින් අනතුරට පත්වු රුසියානු ගුවන් යානයේ අනතුරට හේතුව අකුණු සැර වැඳීමක් බව අනාවරණය වී තිබෙනවා.

අකුනු සැර වැඳීමෙන් පසු ගුවන් නියමුවා හදිසි ගොඩබෑමකට සූදානම් වී තිබෙනවා. එහිදීයි ගුවන් යානය විනාශ වී ඇත්තේ. කෙසේවෙතත් අකුණු සැර වැඳීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. මින් පෙර ප්‍රකාශ කර තිබුණේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අනතුර සිදු වන්නට ඇති බවයි. දැනට අනාවරණය වී ඇති කරණු අනුව අකුණු සැර වැඳීමෙන් පසු ගුවන් යානයේ සන්නිවේදන පද්ධතිය බිඳ වැටී තිබෙනවා. යානයේ 73 තුන්දෙනෙක් පියාසර කළ අතර 32 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත් වුණා.

ඉන්දීය මහමැතිවරණයේ පස්වන අදියර මේ වන විට පැවැත්වෙනවා. එහිදී ප්‍රාන්ත 7ක ඡන්ද විමසීම සිදු කෙරෙණු ඇති. මිලියන 87ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා වරම් ලැබ සිටිනවා. ඇතැම් ප්‍රදේශවල සිදු වු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ජිවිත අහිමි වීම් ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 19:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්