fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉවසීමෙන් කටයුතු කර රට යථා තත්ත්වයට පත් කිරීමට සහය දෙන්න

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 16:10

ඉවසීමෙන් කටයුතු කර රට යථා තත්ත්වයට පත් කිරීමට සහය දෙන්න

ගැටුම් ඇති කර නොගෙන ඉවසීමෙන් කටයුතු කර රට යථා තත්ත්වයට පත් කිරීමට සියලු දෙනා සහාය ලබා දිය යුතු බව අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා.

දේවස්ථාන කිහිපයක් ඇතුලු ස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් වෙත අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිකුත් කළ සංදේශය හා ජනතා ජයග්‍රහණය පිළිබඳ මහජන මධ්‍යස්ථානයේ නියෝජිතයින්ගේ සංදේශය පිළිගැන්වීම අද සිදුකෙරුණා. එම මධ්‍යස්ථානයේ මහලේකම් පූජ්‍ය පනාමොරේ චන්දානන්ද ස්වාමීන්වහන්සේ හා කැමිලස් ප්‍රනාන්දු පියතුමා ඇතුලු පිරිසක් ඊට එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්