fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චෙල්සී පාපන්දු කණ්ඩායමට ගෝල තුනට බින්දුවක ජයක්

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 13:16

චෙල්සී පාපන්දු කණ්ඩායමට ගෝල තුනට බින්දුවක ජයක්

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ වොට්ෆෝඩ් පාපන්දු කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල තුනට බින්දුවක ජයක් හිමි කර ගැනිමට චෙල්සී පාපන්දු කණ්ඩායම සමත් වුණා.

ලන්ඩනයේ ස්ටැම්ෆර්ඩ් බ්‍රිජ් ක්‍රිඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට කිසිදු කන්ඩායමක් ගෝල වාර්තා කිරිමට සමත් වුයේ නැහැ. දෙවන අර්ධයේ  48 වන මිනිත්තුවේදී චෙල්සී කණ්ඩායමේ රුබෙන් ලොප්ටස් ගෝලයක් වාර්තා කිරිමත් සමග තරගය දැඩි උණුසුම් මුහුණවරක් ගත්තා. ආක්‍රමණශිලි තරග රටාවක නිරත වු ඩේවිඩ් ලුවිස් පනස් දෙවන මිනිත්තුවේදී  තවත් ගෝලයක් චෙල්සී කණ්ඩායමට එක් කළා. එම කණ්ඩායමේ ගොන්සාලෝ ගුවෙන් 75 වන මිනිත්තුවේදී වාර්තා කළ ගෝලයත් සමග තුනට බින්දුවක් ලෙස චෙල්සී කණ්ඩායමට ජය හිමි වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 13:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්