ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුළු 09 කින් පරාජයට පත් කරමින්. මුම්බායිහි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 133 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී මුම්බායි කණ්ඩායමේ ලසිත් මාලිංග ලකුණු 35 කදී කඩුළු 03 ක් දවා ගත්තා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර දහසයයි පන්දුවක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවි ජයග්රාහි ඉලක්කය පසු කළා.