fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෝහා ඩයමන්ඩ් ලීග් මීටර් 800 සෙමෙන්යා දිනාගනී

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 09:08

දෝහා ඩයමන්ඩ් ලීග් මීටර් 800 සෙමෙන්යා දිනාගනී

දෝහා ඩයමන්ඩ් ලීග් මළල ක්‍රිඩා තරගාවලියේ මීටර් 800 කාන්තා ධාවන තරගය ජයග්‍රහණය කිරිමට දකුණු අප්‍රිකාවේ කාස්ට සෙමෙන්යා සමත් වුණා.

ඔලිම්පික් ශුරී කාස්ට සෙමෙන්යා මීටර් 800 ධාවන තරගය ජයග්‍රහණය කිරිමට ගත කල කාලය මිනිත්තුවයි තප්පර 54.98ක්. ක්‍රිඩිකාවන්ගේ හෝමෝන තත්ත්වය සම්බන්ධයෙන් අන්තර්ජාතික මළල ක්‍රිඩා සම්මේලනය පැනවු නව නීතිරිතිවලට එරෙහිව සෙමෙන්යා අධිකරණයට යොමු කළ අභියාචනය ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුවයි ඇය මෙම තරගය ජයග්‍රහණය කළේ. ලබන අටවනදා සිට ක්‍රියාත්මක විමට නියමිත මෙම නව නීති රිතිවලට අනුව සෙමෙන්යා තවදුරටත් තරග බිමේ රැදිසිටිමට නම් ඇගේ සිරුරේ හෝමෝන මට්ටම පාලනය කළයුතු වනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 09:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්