fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපතිට භාරදීමට නියමිත කරුණු 10ක් ඇතුලත් ලිපියක් මහානාහිමිවරුන් අතට

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 15:10

ජනපතිට භාරදීමට නියමිත කරුණු 10ක් ඇතුලත් ලිපියක් මහානාහිමිවරුන් අතට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් අස්ගිරි මල්වතු මහාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. එහිදි  ජනාධිපතිතුමාට භාරදීමට නියමිත කරුණු 10ක් ඇතුලත් ලිපියක්ද මහානාහිමිවරුන් වෙත  පිලිගැන්විමට කටයුතු කෙරුණා.

අස්ගිරි මහා විහාරයට පැමිණි වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානාහිමියන් බැහැදැක ජනාධිපතිතුමාට භාරදීමට නියමිත ලිපිය පිලිගැන්වුවා. අනතුරුව මල්වතු විහාරස්ථානයට පැමිණි මන්ත්‍රිවරුන් දෙදෙනා මල්වතු මහා විහාරයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මන්ත්‍රීවරුන් දෙදෙනා ගත් මේ උත්සහය ඉතා වැදගත් බවත් අනෙක් මන්ත්‍රීවරුන්ගෙ සහයෝගයද ඊට ලබා ගන්නා ලෙස ද මහනාහිමියන්  ඉල්ලීමක් කළා. මහනාහිමියන් බැහැදැකීමෙන් පසු මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

ලිපියේ සදහන් කරුණු අතර ප්‍රධාන දේශපාලන පක්ෂ 04 නායකයන් දේශපාලනය පසෙකින් තබා රට ගැන සිතා තීරණ ගැනීම යෝජනා කර තිබෙනවා. නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සියලු ආගම් අදහන දරුවන් සදහා විවෘත කිරීම, ආගම මුල් කරගන්නා පක්ෂ සදහා ඉඩ නොතැබීම, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා විධිමත් වැඩපිළිවෙලක් සැකසීම, ජාතිවාදය අන්තවාදය හෝ ත්‍රස්තවාදයට උපකාර කරන සංවිධාන තහනම් කිරීම ආදී කරුණුද ඊට ඇතුළත්.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 15:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්