ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය ඉහළ නැංවීමට සියළුදෙනා ක්‍රියා කළ යුතුයි
Related Articles
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය ඉහළ නැංවීමට සියළුදෙනා ක්‍රියා කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනී ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදීයි.
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින 25 කින් එංගලන්තයේදී ආරම්භ වනවා. ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සමග සමස්ත ශ්‍රී ලංකාවම සිටිය යුතු බව මානසිකත්ව ඉහළ නැංවීම සමස්ථ ශ්‍රී ලංකිකයින්ගේම වගකීමක් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.