fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මඩකලපුව ඔල්ලිකුලමේ IS කඳවුරක්

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 16:15

මඩකලපුව ඔල්ලිකුලමේ IS කඳවුරක්

අයිඑස් ත්‍රස්ත කදවුරක් බවට සැකකෙරෙන පුහුණු කදවුරක් මඩකලපුව ඔල්ලිකුලම් ප්‍රදේශයේදී පොලීසිය සොයා ගත්තා. අයිඑස් සාමාජිකයෙක් බවට සැකකෙරෙන අබ්දුල් රාසික් නමැති පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි කදවුර සොයා ගැනුණේ.

සයින්දමරුදු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් රිල්වාන් නමැත්තා 2017 වසරේදී මෙම කදවුරෙන් පුහුණුව ලබා ඇති බවටයි හෙළි වී තිබෙන්නේ.එම පුහුණුව අතරතුරදී ඔහුගේ අතේ ඇගිලි 02 ක් සහ ඇසක් අහිමි වී ඇති බවටද පොලීසිය තොරතුරු හෙළි කර ගෙන තිබෙනවා. මෙම කදවුරේ තුළ බෝම්බ සකස් කර ඇති බවටද තොරතුරු ලැබි ඇති අතර එහි තිබී ප්ලාස්ටික් බට තොගයක් ද සොයා ගැනුණා. ඒවා කටුනායක තිබී  හමු වූ බෝම්බය සකස් කිරීමට යොදා ගත් පීවීසී බටයට සමාන බවයි පොලීසිය සදහන් කළේ.

මේ අතර කාන්තන්කුඩි ජාමියුල්ලා බීරින් මීරා මුස්ලිම් පල්ලිය අසල සුසාන භූමියක තිබී පිස්තෝලයක්, අත්බෝම්බ 02 ක් , සන්නිවේදන උපකරණ ඇතුළු උපකරණ රැසක් පොලීසිය සොයා ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 16:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්