fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිවර්පුල් කන්ඩායම ගෝල දෙකට තුනක් ලෙස ජය ගනී

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 13:20

ලිවර්පුල් කන්ඩායම ගෝල දෙකට තුනක් ලෙස ජය ගනී

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ නිව්කාස්ටල් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම සමග පැවති තරගය ගෝල දෙකට තුනක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරිමට ලිවර්පුල් කන්ඩායම සමත් වුණා.

තරගයේ පළමු අර්ධයේ දහතුන් වන විනාඩියේදී වර්ජිල් වැන්ජික් ලිවර්පුල් කණ්ඩායම වෙනුවෙන් සිය පළමු ගෝලය වාර්තා කළා.  එම අර්ධයේදී නිව්කාස්ටල් යුනයිටඩ් කණ්ඩායමේ ක්‍රිස්ටින් ඇට්සු ද ගෝලයක් වාර්තා කිරිමට සමත් වුනා.  තරගයේ ගෝල එකට එකක් ලෙස සම මට්ටමේ සිටියදී දැඩි ආක්‍රමණශිලි තරග රටාවක් නිරූපණය කළ ලිවර්පුල් ක්‍රිඩක මොහොමඩ් සලා විසිඅටවන විනාඩියේදි දෙවන ගෝලයත් වාර්තා කළා. තරගයේ දෙවන අර්ධයේ 54වන විනාඩියේදී නිව්කාස්ටල් කණ්ඩායමේ සොලමන් රොන්ඩන් තවත් ගෝලයක් වාර්තා කළා. තරගය උණුසුම් මුහුණවරක් ගත් අතර ඩිටොන් ඔරිගි අසුහයවන විනාඩියේදි වාර්තා කළ ගෝලයත් සමග ලිවල්පුල් කණ්ඩායම මුළු  ගෝල සංඛ්‍යාව තුනක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 13:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්