fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 11:44

රටේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා

රටේ ආරක්ෂාව තහවුරු කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ත්‍රස්තවාදයට එරෙහි නීති තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි  අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මොනරාගල නගර සංවර්ධනය පිළිබද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වුණා. මොනරාගල නගර සංවර්ධන ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන දහසක්  වෙන්කර තිබෙනවා. ව්‍යාපෘතිය වසර දෙකක් තුළ අවසන් කිරිම සැලසුමයි. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධය හමුවේ අදහස් දැක්වු අමාත්‍යවරයා.

මේ අතර  පැවති සේනා දළඹු වසංගතයෙන් වගා හානි සිදුවු සියඹලාණ්ඩුව  ප්‍රදේශයේ  ගොවීන්ට වන්දි ලබා දීමේ උත්සවයකටද අමාත්‍යවරයා  සහභාගී වුනා. අටසිය හතලිහක් දෙනෙකුට වැඩි පිරිසකට මෙහිදී  රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් වන්දි ලෙස පිරිනැමුණා.

 

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්