පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන් රජය ක්‍රියාත්මක කරන විශේෂ ආරක්ෂක සැලැස්මට අනුව හය ශ්‍රේණිය සහ ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු පමණක් හෙට දිනයේ සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. තවදුරටත් දිවයිනපුරා පාසල් අවට සෝදිසි කිරීම් ක්‍රියාත්මකයි.ඒ අනුව අද පස්වරු එකෙන් පසු කිසිදු පාසලක් අසළ වාහන නතර කිරීමෙන් වළකින ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.
හය ශ්‍රේණියට පහළ ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු එළඹෙන 13 වනදා සිට ආරම්භ කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ. යුද හමුදාව සහ පොලිසිය එක්ව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර ප්‍රදේශවාසීන් සහ පාසල් සංවර්ධන කමිටුවල සහාය ද ඊට හිමිව තිබෙනවා. සියලු පාසල්වල ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ.
මේ අතර පාසල් ආරම්භ කිරීමෙන් පසුවද දරු දැරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතු බව අමාත්‍ය රවී කරුණානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.
පවතින තත්ත්වය හමුවේ සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ. පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් තම ආරක්ෂක නිලධාරීන් ද යෙදවීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය රවී කරුණානායක මහතා සදහන් කරනවා.