ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ අපරාධකල්ලි සාමාජික මාකදුරේ මධුෂ් අද උදෑසන මෙරටට පැමිණියා. කටුනායක ගුවන්තොටුපොලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත්තා.
අපරාධකල්ලි සාමාජිකයෙකු වන මාකදුරේ මදුෂ් ඇතුලු තවත් පිරිසක් ඩුබායිහි පැවති සාදයකදී අත්අඩංගුවට ගැනුණා. එහිදී මත්ද්‍රව්‍ය ලග තබා ගැනීම සහ භාවිතා කිරීමේ චෝදනාව මත මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පරික්ෂණ ආරම්භ කෙරුණා. අනතුරුව සිදු කරන ලද රුධිර සාම්පල පරීක්ෂාවක් මගින් මධුෂ් ඇතුලු පිරිසක් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වුණා. මධූෂ් ඇතුළු පිරිස ඩුබායි රජය මගින් පිටුවහල් කිරීමත් සමඟ එම අපරාධකල්ලි සමාජිකයින් අවස්ථා කිහිපයකදී මෙරටට පැමිණියා. අද උදෑසන දිවයිනට පැමිණි මාකදුරේ මධූෂ් කටුනායකදී කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.