අනුරාධපුර ගුවන්තොටුපොළ ආශ්රිත ප්රදේශයේ ගුවන් හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදාවේ නිල ඇදුම් හා ලාංඡන කිහිපයක් සොයා ගෙන තිබෙනවා.
එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නාවික හමුදාවේ සේවය කර ඉන් ඉවත් වූ අයෙකු බව හෙළිවුණා. ඔහු පදිංචි නිවස පරික්ෂා කිරීමේ දී නාවික හමුදා හිස්වැසුම් තුනක් ඇතුළු තවත් උපකරණ තොගයක් ද හමුවී තිබෙනවා.