fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක කර්මාන්තය ඉදිරි මාස කිහිපය ඇතුලත යථාතත්වයට පත්කළ හැකි

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 18:26

සංචාරක කර්මාන්තය ඉදිරි මාස කිහිපය ඇතුලත යථාතත්වයට පත්කළ හැකි

සංචාරක කර්මාන්තය ඉදිරි මාස කිහිපය ඇතුලත යථාතත්වයට පත්කළ හැකි බව සංචාරක සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා.

ශ‍්‍රී ලංකාවේ ආරක්ෂිත තත්වය කෙරෙහි ජාත්‍යන්තරයේ විශ්වාසය ගොඩනගා ගැනීමට අවශ්‍ය මුලික පියවර මේවන විට ගෙන තිබෙනවා. සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේද සහාය ඇතිව විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂු ගෝමස් මහතා පෙන්වා දෙන්නේ.

වැඩපිළිවෙළට ගෝලිීය මහජන සබදතා සමාගමක සහාය ලබාගැනෙනවා. ත‍්‍රස්ත ප‍්‍රහාර හෝ ස්වාභාවික ව්‍යවසනවලින් හානියට පත් රටවල සංචාරක ක්ෂේත‍්‍රය යළි නගා සිටුවීමට මැදිහත්ව ක‍්‍රියාකළ සමාගමක් ඒ සදහා තෝරාගන්නා බවයි කිෂූ ගෝමස් මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 18:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්