fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

T20 නවතම ශ්‍රේණිගත කිරිම් අනුව අටවන ස්ථානය ශ්‍රි ලංකාවට

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 15:35

T20 නවතම ශ්‍රේණිගත කිරිම් අනුව අටවන ස්ථානය ශ්‍රි ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නවතම පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම් දර්ශකට අනුව ශ්‍රි ලංකා කණ්ඩායම අටවන ස්ථානයට පත්ව තිබෙනවා.

රටවල් අසුවකින් යුත් නවතම පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම් දර්ශකය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කළා. පාකිස්තානය එහි පෙරමුණේ පසුවන අතර දෙවන සහ තුන්වන ස්ථාන හිමිව ඇත්තේ දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයටයි.

ශ්‍රී ලංකා කන්ඩායම නවවන ස්ථානයේ සිට  අටවන ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරිම් දර්ශකයේ ඉදිරියට පැමිණ තිබෙනවා.  2016 වසරේ මැයි මාසයේ සිට පන්දුවාර විස්සයි විස්ස තරග හයකට වඩා ක්‍රිඩා කර ඇති රටවල් මෙම ශ්‍රේණිගත කිරිමට ඇතුලත් කිරිමට කටයුතු කර තිබෙනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 15:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්