fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධි තාක්ෂණික උපකරණ කිහිපයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 14:46

අධි තාක්ෂණික උපකරණ කිහිපයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

අධි තාක්ෂණික උපකරණ කිහිපයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස පිරිවෙන පාර ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරක් මත විශේෂ අවි සහ උපක‍්‍රම කණ්ඩායමේ නිලධාරින් විසින් වැටලිම් සිදුකළා. සැකකරු ළඟ තිබී අධි තාක්ෂණික උපකරණ , විවිධ භාෂා වලින් යුත් සී ඩී තැටි 16 ක් සහ සිම්පත් 16ක් අත්අඩංගුවට ගත්තා. සැකකරු ඉදිරි විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාරදි තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 14:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්