fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්ත අභියෝග ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට ජනපතිට හැකියාව ඇතැයි බ්‍රිතාන්‍යය විශ්වාසය පළ කරයි

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 17:01

ත්‍රස්ත අභියෝග ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට ජනපතිට හැකියාව ඇතැයි බ්‍රිතාන්‍යය විශ්වාසය පළ කරයි

ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනපතිට හැකියාව ඇති බව බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා පවසනවා. ඔහු මේ අදහස් පල කළේ අද (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදීයී.

දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ආරක්ෂක හා ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය ඇමති  බෙන් වොලස් මහතා ජනාධිපතිතුමා මුණගැසුනේ අද(03) පෙරවරුවේයි. ඊට බ්‍රිතාන්‍ය ප්‍රතිත්‍රස්ත සහ ආරක්ෂක කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ටොම් බර්න්,  නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ටොම් හර්ඩ් යන මහත්වරුන් එක්ව සිටියා. එහිදී එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවට එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය ඉස්ලාමීය ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ කොටසක් බවට මේ වන විට සනාථ වී ඇති බවයි.

මෙවැනි ගෝලීය ත්‍රස්ත සංවිධානයකට මුහුණදීමේදී අන්තර්ජාතික සහාය    අවශ්‍ය බවද බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නා.  ත්‍රස්ත ප්‍රහාර සහ අවදානම හදුනාගැනීම සදහා  බ්‍රිතාන්‍ය රජය සිදු කළ පරිදි සියලු දේශීය අංශවල තොරතුරු එක්රැස් කිරීමේ ඒකාබද්ධ විමර්ශන කේන්ද්‍රයක් පිහිට විය යුතු බවත් ඒ සදහා ශ්‍රී ලංකාවට සහාය දීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 17:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo