fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 15:37

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් හෙළිකර ගැනිමට කිලිනොච්චිය පොලිසිය සමත් වුණා.

නිත්‍යානුකූල මුදල් නෝට්ටු ලබා ගැනිම සදහා මෙම ව්‍යාජ නෝට්ටු ව්‍යාපාරික ස්ථාන වලට ඉදිරිපත් කර ඇති බවයි පරීක්ෂණ වලින් හෙලිවුණේ.

බුද්ධි තොරතුරකට අනුව කනකපුරම් දුම්රිය මාර්ගය අසලදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ළඟ තිබි රුපියල් පන් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 40 ක් සහ රුපියල් පන්සියයේ ව්‍යාජ නෝට්ටු දෙකක් හමුවු බවයි පොලිසිය පවසන්නෙ. සැකකරු කිලොච්චිය කෝනාවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 15:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්