ජාතික පර්යේෂණ සභාවට වසර 20ක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කෙරුණා.
විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික පර්යේෂණ සභාවට වසර 20ක් සපිරීම නිමිත්තෙන් රුපියල් 15ක වටිනාකමකින් යුත් සමරු මුද්දරයක් නිකුත් කිරීමටයි පියවර ගැනුණේ.
එම අමාත්‍යාංශ ලේකම් චින්තක එස් ලොකුහෙට්ටි මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදුවූ අතර ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය ජනක ඩී සිල්වා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.