හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මේ මස 21 වනදා විභාගයට ගැනීමට ශේර්ෂ්ඨාධිකරණය අද(03) තීරණය කළා.
බුද්ධි තොරතුරු ලැබි තිබියදි බෝම්බ ප්‍රහාරය වැළැක්විමට කටයුතු නොකිරිම තුළින් තම මූලික අයිතිවාසිකම් කඩවූ බව පවසමින් ඔවුන්ට එරෙහිව පෙත්සම් ගොනුකර ඇත්තේ සංචාරක ව්‍යාපාරිකයෙකු විසින්.
බුවනෙක අලුවිහාරේ සහ පි්රතිපද්මන් සූරසේන යන ද්විපුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ පෙත්සම විභාගයට ගත්තා. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනි සිටිම සම්බන්ධයෙන් තමන් මෙතෙක් තිරණයක් ගෙන නොමැති බවයි පෙත්සම කැඳවු අවස්ථාවේදි නිීතිපතිවරයා සදහන් කළේ.