fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුම්බායි ඉන්දියන්ස් අවසන් පූර්ව වටයට

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 12:23

මුම්බායි ඉන්දියන්ස් අවසන් පූර්ව වටයට

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට  සුදුසුකම් ලබා ගැනිමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ සන්රයිසස් හයිදාබාද් කණ්ඩායමට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරිමත් සමගයි. මෙය තරගාවලියේ 51 වන තරගයයි.

මුම්බාහි පැවති තරගයේ කාසියේ වාසිය දිනු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 05ක් දැවි ලකුණු 162ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු ක්වින්ටන් ඩිකොක් ලකුණු 69ක් ලබා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ සන්රයිසස් හයිදාබාද් කණ්ඩායම ද පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 06ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 162ක්. අනතුරුව ලකුනු තත්ත්වය සමවීම නිසා තරගයේ ජයග්‍රහකයා තීරණය කිරිම සදහා ලබා දුන් සුපිරි පන්දුවාරයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් හයිදාබාද් කණ්ඩායම පන්දු 04කදී කඩුලු දෙකම දැවි ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 08ක් පමණයි. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු 03ක් තුළදී ජයග්‍රාහි ඉලක්කය පසු කළා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත් තෙවන කණ්ඩායම වන අතර මිට පෙර චෙන්නායි සහ දිල්ලි කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා.

 

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 12:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්