බෝනොවන රෝග වළක්වා ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්. මෙරට ජනතාවට වැළදෙන රෝග අතරින් සියයට 70 ක් පමණ බෝනොවන රෝග බවයි පරීක්ෂණවලදී භෙලිවුණේ.
හෘදයාබාධ, දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආඝාතය සහ පිළිකා වැනි රෝග ඊට ඇතුලත්. සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් බෝනොවන රෝග වළක්වා ගැනීම සඳහා උපදේශන වැඩසටහන කි‍්‍රයාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.