වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවිස්සාවේල්ල පොලිස් වසමේ උක්වත්ත ප්රදේශයේ දී පොලීසිය කළ වැටලීමකින් වීසා නොමැතිව රැදී සිටි විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
අවුරුදු 26 හා 31 වයස් කාණ්ඩවල පසුවන මෙම දෙදෙනා නයිජීරියානු ජාතිකයින් වනවා. මේ අතර ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත ප්ර දේශයේදී ද වීසා නොමැතිව රැදී සිටි තවත් විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා. පාකිස්තාන හා බංග්ලාදේශ ජාතිකයින් වන මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි ග්රෑන්ඩ්පාස් පොලීසිය කටයුතු යොදා ඇත්තේ.