fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක මාධ්‍ය නිදහස පිළිබද දිනය අදයි

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 11:41

ලෝක මාධ්‍ය නිදහස පිළිබද දිනය අදයි

ලෝක මාධ්‍ය නිදහස පිළිබද දිනය අදට (03) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය, අසත්‍ය ප්‍රචාර අතරතුර මාධ්‍යය සහ මැතිවරණය යන්නයි.

1993 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක මාධ්‍ය නිදහස පිළිබද දිනය ප්‍රකාශයට පත් කළා. එදා සිට සෑම වසරක මැයි 3 වනදා මෙම දිනය සමරනවා.

ලොව පුරා මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමත් එහි වටිනාකම පෙන්වා දීමත් ලෝක මාධ්‍ය නිදහස දිනය සැමරීමේ අරමුණයි. රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීමද එහි තවත් අරමුණක්.

බෝම්බ ප්‍රහාර හෝ වෙඩි තබාගැනීම්වලට මැදි වීමෙන් පසුගිය වසරේදී පමණක් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් 95 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මාධ්‍යවේදීන් ඝාතන සිද්ධීන් ද ලොව රටවල් රැසකින් වාර්තා වුණා. සෞදි තීරු ලිපි රචක ජමාල් කෂෝගි පිළිබද මතකය තවමත් එලෙසමයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ විනිවිද පෙනෙන හා විශ්වසනීය තොරතුරු ලබාගැනීමකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදයක් සම්පූර්ණ වන්නේ නැති බවයි. සාධාරණ හා අපක්ෂපාතී ආයතන ගොඩනැගීමේ මූලිකත්වය වන්නේ නායකයන් වගකිව යුතු හා බලය බෙදා ගැනීමේ සත්‍ය ප්‍රකාශ කිරීම යන්නයි.

මේ අතර ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා. සීමා මායිම් රහිත වාර්තාකරුවන්ගේ සංගමය සකස් කළ මෙම දර්ශකයට අනුව ස්ථාන පහකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. රටවල් 180ක් අතුරින් මේ අනුව ශ්‍රී ලංකාවට 126 වන ස්ථානය හිමිව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්