fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විනාශ වූ දේවස්ථාන ප්‍රතිසංවර්ධන කටයුතු කඩිනමින්

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 10:13

විනාශ වූ දේවස්ථාන ප්‍රතිසංවර්ධන කටයුතු කඩිනමින්

මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු අද (03) ආරම්භ වුණා. ඒ ශ්‍රී ලංකා යුද හමුදාව හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව ඒකාබද්ධවයි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු දැනටමත් ආරම්භකර තිබෙනවා. එහි ප්‍රධාන ඉදිකිරීම් කටුයුතු සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායකත්වය යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහයෝගය ඇතුවයි.

මේ අතර මඩකලපුව සියෝන් දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව හා රාජ්‍ය සංවර්ධන නිර්මාණ නීතිගත සංස්ථාව ඒකාබද්ධව සිදු කිරීමට නියමිතයි. මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදෙනවා. මෙම ඉදිකිරීම් ඉතාමත් කඩිනමින් සහ ප්‍රමිතිය ආරක්ෂාවන පරිදි ගුණාත්මක බවින් ඉහළ සහ පැවති මට්ටමටත් වඩා හොද මට්ටමකින් ඉදි කිරීමයි අරමුණ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 10:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්