fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නඹඩගස්වැව අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට 

ITN News Editor
By ITN News Editor මැයි 2, 2019 13:08

නඹඩගස්වැව අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට 

සූරියවැව හම්බන්තොට අඩි සීය මාර්ගයේ නඹඩගස්වැව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරත් සමඟ ප්ර්දේශවාසීන් කලහකාරී ලෙස හැසිරුනු අතර ඔවුන් පාලනය කිරීමට පොලීසිය දැඩි උත්සාහයක් ගත් බවයි වාර්තා වුණේ.

පාපැදියක් ටිපර් රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ . එහිදී පාපැදියේ ගමන් කළ 70 හැවිරිදි පස් දරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරත් සමග ප්ර දේශවාසීන් කලහකාරී ලෙස හැසිරුනේ ටිපර් රථයේ රියදුරුට දැඩි විරෝධය පලකරමින්. පාපැදි‍ය තල්ලුකරමින් මාර්ගයේ පසෙකින් ගමන්කරමින් සිටි අවස්ථාවේ ටිපර් රථයේ රියදුරු අනතුරු දායක යූ වංගුවකදී ඉතාමත් නොසැලිකිලි ලෙස රථය ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කළා.

මෙම ටිපර් රථය දක්ෂින අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් යොදවා තිබූ බවද සදහන්. ටිපර් රථයේ රියදුරුගේ අතක් අබාධිත තත්ත්වයේ පැවතීම මෙන්ම ඔහු ජංගම දුරකතනය භාවිත කරමින් ටිපර් රථය පැදවූ බවද ප්‍රදේශවාසීන් පවසනවා. ටිපර් රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ITN News Editor
By ITN News Editor මැයි 2, 2019 13:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo