fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු පත්කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 2, 2019 12:06

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු පත්කෙරේ

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු ලෙස අසන්ත ද මෙල් මහතා පත්කර තිබෙනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින 28 කින් එංගලන්තයේදී ආරම්භ වනවා. ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ලෙස ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවයි එම තීරණය ගෙන ඇත්තේ. එමෙන්ම මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙහෙයුම් කළමණාකරු ලෙස චන්දිම මාපටුන මහතා පත්කර තිබෙනවා. ශ්රීර ලංකා ක්රිතකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් අනුකමිටු ප්‍රධානියා ලෙසද ඔහු කටයුතු කරනවා.

ITN News Editor
By ITN News Editor මැයි 2, 2019 12:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්