ලබන 05 ඉරිදා දිනයේදී දේවස්ථාවල දේවමෙහෙයන් නොපවත්වන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුම් දී තිබෙනවා.
දේවස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්රහාර පිළිබද තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන අතර පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදු කළ බවයි අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්යක්ෂ එඩ්මන් තිලකරත්න පියතුමා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.