fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාපලගම හිමි ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor මැයි 2, 2019 15:59

මාපලගම හිමි ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

මාපලගම විද්‍යාතිලක පිරිවෙනේ විහාරාධිපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

බද්දේගම මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතායි නියෝගය නිකුත් කළේ. විහාරාධිපති හිමියන්ගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගැණුනේ 70 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු විහාරස්ථානයේ නැවතී සිට විහාරාධිපති හිමියන්ට අවතේව කළ අයෙකු බවයි පොලිසිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 2, 2019 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්