fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන්න ජනපතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor මැයි 2, 2019 15:46

සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන්න ජනපතිගෙන් උපදෙස්

සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය මර්දනය හා අපරාධ අවම කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අද (02) පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිතුමා මේ බව කියාසිටියේ.

මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ නීති දැඩිව ක්‍රියාත්මක කරමින් මතින් නිදහස් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ ශක්තිමත්ව හා කඩිනම්ව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා.

අපරාධ අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණා. විෂ මත්ද්‍රව්‍ය ආඥා පනතට අදාළ සංශෝධන ද කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අවධානය යොමු වූ අතර බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බරපතල අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරය වෙත ගෙන යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

එහිදී විශේෂ කාර්ය බලකායේ ආරක්ෂායව ලබා ගැනීමටයි යෝජනා කෙරුණේ‍.

ITN News Editor
By ITN News Editor මැයි 2, 2019 15:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo