fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනි අවි තුනක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 1, 2019 13:39

ගිනි අවි තුනක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රත්නපුර,  කැටේපොල,  මැරේකන්ද,  ගල්පොත්ත ප්‍රදේශයේ වගාබිමක නිවසක සගවා තිබූ ගිනි අවි තුනක් ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනා.

කිරිඇල්ල පොලීසියේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණේ. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. ඔස්මන් හාජි ඕමාන් නමැති මෙම සැකකරු මීට වසර දෙකකට පෙර මෙම ඉඩම 99 වසරකට බදු ගෙන රබර් කුරුදු සහ පළතුරු වගාකර ඇති බවයි හෙළිවුණේ. මෙම ගිනි අවි බලපත්‍ර නොමැතිව ළග තබා ගැනීමට හේතු දැක්වීමට සැකකරු අසමත්වී තිබෙනවා. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර බද්දේගම ඉදිගස්කැටිය ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසල නිවාස දෙකක සිටි 30 දෙනෙකු බද්දේගම පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්පාර සහ පාදුක්ක ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම පුද්ගලයින්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙන බවයි බද්දේගම පොලීසිය පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 1, 2019 13:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්