fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඖෂධ අලෙවිසැල්වලින් පාරිභෝගිකයන්ට බිල්පත් නිකුත් කිරිම අනිවාර්ය කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 1, 2019 13:01

ඖෂධ අලෙවිසැල්වලින් පාරිභෝගිකයන්ට බිල්පත් නිකුත් කිරිම අනිවාර්ය කෙරේ

ඖෂධ මිලදී ගත් පසු ඖෂධ අලෙවිසැල්වලින් පාරිභෝගිකයන්ට බිල්පත් නිකුත් කිරිම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා.

පාරිභෝගික අධිකාරි පනතේ ඊට අදාල නීති ගැසට් කර තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව පනතට ද ඒවා ඇතුලත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඇතැම් ඖෂධ අලෙවිසැල්වලින් ඖෂධ මිලදී ගත්තද බිල්පත් නිකුත් නොකරන බවට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී සියලු ඖෂධ අලෙවි සැල් පරික්ෂා කරන බවයි රාජිත සේනාරත්න මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 1, 2019 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්